Thursday, 10 November 2011

කවුළුවෙන් බලා සිටින මට

කවුළුවෙන් බලා සිටින මට

පෙනෙයි මඳ සුළඟින් වැනෙන

තුරැ ලතා සිසිල ගෙනෙන. ‍


කවුළුවෙන් බලා සිටින මට

සිහිවෙයි එම මොහොත

නැවත නැවතත්, නැගුන ද පැනයක් එයින්

මගේ මනසට, එය මා ප්‍රබෝධමත් කරවයි.


කිසිවෙකු එලෙස සිනාසී නැත කිසිදිනෙක,

එවන් දසුනක් මගේ නෙතඟට

ලැබී නැත, මේ වන තුරා.

සිනාසුනි මම ද නැවතත්,

නමුත් මම නොදනිම්. . . .

මින් පසු කුමක් ද?. . .


කවුළුවෙන් බලා සිටින මට

සිහිවෙයි එම නෙතඟ මා හදවත

පසා ගිය අයුරැ.

සිහිවෙයි එම සිනහවින් සැරසුණු

මුවඟ මා දෙස බැලූ සැටි.

සත්‍යයක් ද එය, මම

කියන්නට නොදනිමි.


දැනෙයි මට එම මිහිරි හැඟුම

නැවත නැවතත්, නොදනිමි මම

එය කියන්න ද කියා, නොදනිමි

එයට යටත් වෙන්නට ද කියා. . .


කවුළුවෙන් බලා සිටින මට

නැවත නැවතත් එම

පැනය මතුවෙයි.

No comments:

Post a Comment

Career Limbo

I'm 26 years old, almost done with my higher education, working in my 2nd job in the second year of work and yes I am in career limbo. A...