කවුළුවෙන් බලා සිටින මට
පෙනෙයි මඳ සුළඟින් වැනෙන
තුරැ ලතා සිසිල ගෙනෙන.
කවුළුවෙන් බලා සිටින මට
සිහිවෙයි එම මොහොත
නැවත නැවතත්, නැගුන ද පැනයක් එයින්
මගේ මනසට, එය මා ප්‍රබෝධමත් කරවයි.
කිසිවෙකු එලෙස සිනාසී නැත කිසිදිනෙක,
එවන් දසුනක් මගේ නෙතඟට
ලැබී නැත, මේ වන තුරා.
සිනාසුනි මම ද නැවතත්,
නමුත් මම නොදනිම්. . . .
මින් පසු කුමක් ද?. . .
කවුළුවෙන් බලා සිටින මට
සිහිවෙයි එම නෙතඟ මා හදවත
පසා ගිය අයුරැ.
සිහිවෙයි එම සිනහවින් සැරසුණු
මුවඟ මා දෙස බැලූ සැටි.
සත්‍යයක් ද එය, මම
කියන්නට නොදනිමි.
දැනෙයි මට එම මිහිරි හැඟුම
නැවත නැවතත්, නොදනිමි මම
එය කියන්න ද කියා, නොදනිමි
එයට යටත් වෙන්නට ද කියා. . .
කවුළුවෙන් බලා සිටින මට
නැවත නැවතත් එම
පැනය මතුවෙයි.
No comments:
Post a Comment